පොඩ්ඩියේ 2....


හිතින් මැවූ මගෙ පොඩ්ඩිගෙ හිනාව

තාමත් මැවෙනවා රෑ නිදි උනාම 

තනියෙන් ඉන්න බැරි වූ විට මගෙ හිතට

පොඩ්ඩියෙ නුඹෙ අඩුව දැනෙනවා ලොකුවටම


හිටිය මතක මැවුනා අපි රෑ ඔන්ලයින්

දුන්න හාදු මතකද අපි රෑ තනියෙන්

තාම බැලෙන නුඹෙ අන්තිම චැට් ලිස්ටින්

මාව දවනවා රෑ නින්දට කලියෙන්


තාම ඉවර නෑ නුඹ ගැන මගෙ වැනුම

තාම ලියනවා මගෙ හිත නුඹ ගැනම

සේම දැනෙනවා දුක මට මා ගැනම

තාම තනිකඩයි පොඩ්ඩියේ නුඹේ මම


යන්නට කලින් කීවා මතකයි මෙමට

සොයා ගනින් මා වැනි තව ලඳක් බොට

එනමුදු නුඹවගේ ලඳකට යලිඳු මට

හිත යනු නැතිය නුඹෙ මතකය නැගෙන විට


ඉතිං නතර වෙමි පොඩ්ඩියේ යලිඳු මම

නුඹෙ මතකයට මදකට සමුදෙමි මෙ මම

යලි කෙඳිනකදි මතකෙට නැගුනොතින් නුඹ

ගුලි කර විසිකරමි සරසවි බිමෙදි මම 


• පන්හිඳ නුහුරු කලාකරු 

කසුන් ඉසුර ෴