***Kardashev's Scale***

විශ්වයේ සිටින බුද්ධිමත් ජීවී ශිෂ්ඨාචරවල දියුණු බව මනින පරිමාණයක් තමා Kardashev Scale (KS) කියන්නේ. මුලින්ම මේ ක්‍රමය ඉදිරිපත් කලේ 1964 දි නිකොලායි කර්ඩශෝවා මහතා... මේ ක්‍රමයෙ ජීවීන් වර්ග කරන්නේ මුලු ශක්ති පරිභෝජනය කරන විදිහ අනුව.. නිකොලායි මහතා ප්‍රධාන වර්ග 3ක් ගැන පැහැදිලි කරනවා. අද වෙද්දි ඒක ප්‍රධාන වර්ග 4කට බෙදලා තියෙනවා.


* Type 0 (zero) 🔴


කෙටියෙන් කිව්වොත් අපි (මිනිසුන්) අයත් වෙන්නේ මේ වර්ගයට. ටයිප් 0 ජීවින් දියුණු වෙමින් පවතින තවමත් ප්‍රාඨමික ශක්ති ප්‍රභව භාවිතා කරනවා. ඒ කියන්නෙ පොසිල ඉන්ධන, සුලං බලය, ජල බලය, න්‍යෂ්ටික බලය වගේ දේවල්


* Type 1 - Planetary Civilization 🔵


ටයිප් 1 තත්ත්වයට ආවම ඒ ජීවින් තමන්ගේ මවු ග්‍රහයාගේ හා මවු තාරකාවෙන් තමන්ගෙ ග්‍රහලෝකයට ලැබෙන සම්පූර්ණ ශක්තියම භාවිතා කරනවා. මෙහිදී කාලයත් එක්ක මවු ග්‍රහයා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ශක්ති ප්‍රභව විදිහට අධි න්‍යෂ්ටික විලයනය, ප්‍රති පදාර්ථ ප්‍රතික්‍රියා හා සූර්ය ශක්තිය ලබා ගන්න සූර්ය පැනල භාවිතා කරනවා. මේ වර්ගයේ ජීවින්ට තම ග්‍රහයාගේ සියලුම ස්වභාවික ක්‍රියාකාරකම් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නේ 100% සශ්‍රීක ශිෂ්ඨාචාරයක්....


* Type 2 - Stellar Civilization 🔺


මේ තත්ත්වයට ආවම තමන්ගෙ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක හා උප ග්‍රහයන්ගේ සම්පූර්ණ ශක්තිය වගේම තාරකාවෙන් පිටකරන සම්පූර්ණ ශක්තියම පරිභෝජනය කරනවා. ඔයගොල්ලො අහල ඇති Dyson Sphere ගැන. dyson sphere කියන්නේ අදාළ තාරකාව වටවෙන විදිහට සම්පූර්ණ තරුව වැහෙන්නම තරුව වටේට හදන සූර්ය පැනල පද්ධතියක්. type 2 ජීවීන් තාරකාවෙන් සම්පූර්ණ ශක්තිය ලබා ගන්නෙ ඒ වගේ dyson sphere එක්කින් තමයි. Tabby's star කියන තරුව වටේට මේ වගේ dyson sphere එකක් තියෙනවා කියල ගොඩක් තාරකා විද්වතුන් සැක කරනවා.


* Type 3 - Galactic Civilization 🔶


තුන්වෙනි වර්ගයේ ජීවීන් තමන්ගේ චක්‍රාවාටයේ සියලුම ශක්තිය ලබා ගන්නවා. ඒ චක්‍රාවාටයේම පාලනය ඔවුන් සතුයි. Super Civilization කියලත් මේ අයට කියන්නෙ ඒ තරමටම ප්‍රභල හා දියුණු නිසා. type 3 තත්වයට පත්වුන ජීවීන් අනිත් පහල මට්ටම් වල ජීවීන්ව තාක්ෂණික දියුණුවේ යම් මට්ටමකට ආවට පස්සේ විනාශ කරල දානවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද එයාල කැමති නෑ තවත් ශිෂ්ඨාචාරයක් type 3 මට්ටමට ඇවිත් ඒ අයට අභියෝගයක් වෙනවට...


ඉතින් මොකද හිතෙන්නෙ😊


copied - thanks for sharing with me ..