මල් කැකුලක ආදරය ...


දවස් දෙකක් තුනක් තිස්සෙ නිතර ඇහෙන සිංදුවට පද ගැලපීමක් කරේ නැත්තන් හරි නෑ වගේ හිතුනා..


පද රචකයා ගැන හරි අදහසක් නැතත් ගායනය නම් ලක්ශ්මන් හේවාවිතාරණ මහත්මයගෙ. පදෙන් පදේ හිතට දැනෙන්න ගත්තෙත් ඒ නිසාම වෙන්න ඇති ❤️.


අහපු ගමන් ලොකු දෙයක් ඔලුවට ආවෙ නැතත් සිංදුවෙ හැංගිලා තිබ්බ ප්‍රේමය  එලියට ගන්න එක මට කරන්න පුලුවන් කියලා හිතනවා.


මල් කැකුලකට ආදරෙයි කියන්න

තහනම් නැ පුංචි සමනලුන්ට

ලගට ලංව කවි කියන්න

අවසර ඇත්නම්

මට ඉඹින්න තහනම් ඇයි

ඔය සුදු කම්මුල්


මල් කැකුලකට ආදරෙයි කියන්න. තහනම් නෑ පුංචි සමනලුන්ට . හැමෝම දන්න දෙයක් තමයි කවදාවත් කැකුලු මලක පැණි නෑ. ඉතින් සමනලයෙක් කවදාවත් ඒ වගේ මලක් ලඟට ලං වෙන්නෙ නෑ.

හැබයි මේ පද දෙකේ තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්. 

  මල් කැකුලක් කියලා අදහස් කරන්නෙ තාම නොමේරූ ගැහැණු ලමයෙක් ව. තාමත් මල්වර වයසට නැති කීවත් ඒකෙ වරදක් නෑ කියලයි මගෙ අදහස. අනික් අතින් මල් සොයන සමනලයෙක්ගෙන් අදහස් කරන්නෙ පාසල් ජීවිතය අවසන් කරපු තරුණ වයසෙ ඉන්න පිරිමි ලමයෙක්ව. ඉතින් සිංදුවෙ මුල් පද කීපයෙන් සමාජයේ ඇති වයස් බේදයක්  ගැන පෙන්නලා දීලා තියෙනවා.


ලඟට ලංව කවි ලියන්න අවසර ඇත්නම්

මට සිබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල් .

    මෙතනදි මේ කොල්ලා අහනවා ලඟ ඉදන් කතා කරන්නත් මට පුලුවන් නම් ඇයි මේ කම්මුල් ඉබින්න තාමත් මට තහනම් කරන්නෙ කියලා. ඉතින් පිරිමියෙක් ආදරේ කරද්දි බලාපොරොත්තු වෙන දෙයක් මෙතනින් පෙන්නන්න රචකයා උත්සහ කරලා තියෙනවා වගේම ඒකෙ වේදනාකාරි හැඟීම හරි අපූරුවට ලක්ශ්මන් මහත්මයා ගායනා කරනවා. 


අහස තරම් දුරක ඉදන්

පිනි වැසසක් බිමට එවා

ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම්

ඒ කෙහෙරැලි සිපගන්නට

ඇයි මට තහනම් 


අහසෙ ඉදන් එන පිනි වැස්සත් සිපගන්න කතාව මට තේරුණේ නම් වෙනස් විදියකට. අපේ ජීවිතේ අහස කියලා අපි සමාන කරන්නෙ අපේ දෙමාපියන්ට. ඉතින් එයාලගෙන් ගොඩක් කාලෙක ඉදන් ගොඩක් වාර ගානක් සිප වැලඳගැනීම් ලැබුණානම් , ආදරේ කරන මට ඇයි තාමත් ඔයා සිපගන්න බැරි කියන එක මෙතනින් පෙන්නලා තියෙනවා. ඒ වගේමයි පිරිමියෙක් විශේෂයෙන් කෙල්ලෙක් ගෙ කොන්ඩෙට කොච්චර ප්‍රිය කරනවද කියන එකත් මෙතනින් පෙන්නලා තියෙනවා.


ඉතින් , මේක මට පෙනුනෙ මේමයි. අහිංසක වගේම ලස්සන ආදරයක්.


පසුවදන

ආදරයට වයස බේදයක් නෑ . ඒක ඇත්ත. වයස බලලා ආදරය කලා නම් ගොඩක් ලස්සන ආදර කතා නොලියවෙන්න තිබුණා. 🙂 එකම හැඟීමයි , ඒක හැමෝටම දැනෙන්නෙ එකම විදියටමයි. ඉතින්  ආදරයට ආදරෙන් ආදරය කරන්න ; ආදරය දෙන්න... 


පන්හිඳ නුහුරු කලාකරු 

 • කසුන් ඉසුර ෴