බය කියන එක මොකද්ද කියන එක හරියටම දන්නෙ #Sleeping_paralyse වෙලා තියෙන කෙනෙක්. මේ අත්දැකීම හැමෝටම අත්දකින්න පුලුවන් දෙයක් නෙවේ...

ඒත් මන් හිතනවා මෙතන ඉන්න අයගෙන් කීප දෙනෙක් හරි මේ අත්දැකීම විදලා ඇති කියලා..

ඇත්තටම මේක #supernatural දෙයක් ද එහෙමත් නැත්තම් සාමන්‍ය මොලයේ ක්‍රියාකාරිත්වයක් නිසා අපිට සිදුවන දෙයක් ද  කියන එක හරියටම කියන්න අපි කාටවත්ම බෑ..

මොකද මේ තත්ත්වය හැමෝටම අත්දකින්න බෑ....

හරි පොඩ්ඩක් බලමු මෙන්න මේ වගේ සිද්දියක් ඔයාලට වෙලා තියෙනවද කියලා...


ඔයාලා නිදාගන්න ගියාම..කවුරුත් දන්නවනේ එක පාරටම ඔයාලට නින්ද යන්නෙ නෑ.... පියවරෙන් පියවර තමයි ඒක සිද්ද වෙන්නෙ...

ඉතින් මේ නින්ද යා ගෙන එන අතරතුරේදී, එක වැරම ඔයාලට ඕන වෙනවා ඇහැරෙන්න ඒත් ඔයාලා මොන තරම් ට්‍රයි කලත් ඔයාලට ඇහැරෙන්න බෑ...

ඒ විතරක් නෙවේ ඔයාලට දැනෙනවා පපුව උඩ කවුරු හරි ඉදන් ඉන්නවා වගේ..😐 සමහරුන්ට දැනෙනවා තමන්ව කොහෙට හරි ඇදන් යනවා වගේ....

සමහර අයට නම් ඒ සිදු වීම වෙන ගමන් එක එක මුහුනු පේන්න ගන්නවා,

 එක එක ශබ්ධ කන පුරාවට ඇහෙන්න ගන්නවා.....

කෙනෙක්ට ජීවිතයේ සිද්ධ වෙන්න පුලුවන් භයානකම සිද්ධියක් වගේ හැගීමක් හිතට එනවා..

කවුරු හරි රහසෙන් කන ඇතුලේ ඉදන් කතා කරනවා වගේ එක එක හඩවල් ඔලුව ඇතුළෙ රැව් දෙන්න ගන්නවා...

ඉන්පස්සෙ එකවැරම ගැස්සිලා ඇහැරෙනවා එත් ඊට පස්සෙ ඔයාට නිකමට වත් නිදා ගන්න නම් බෑ...

නිදා ගන්න ට්‍රයි කරන්න ඇස් පියා ගත්ත ගමන් අයේම අර හැමදේම වෙන්න ගන්නවා...ඒක හරියට වෙන ලෝකයක්,

වෙන මානයක් එක්ක සම්බන්ධ වෙනවා වගේ...

සමහර අයට අත්දැකීම් ඇති මෙහෙම සිද්ධ වෙන අවස්තා වලදී.... 

තමන් ඉන්න තැනට කොහොමටවත් දරශනය විය නොහැකි තැන් පියවි ඇසෙන් දකිනවා වගේම බලන්න පුලුවන් වීම. 

හරියට මනෝකායකින් ඔයාට බලන්න පුලුවන් වගේ දෙයක්..

හරියට මනෝකාය මගින් ඔයා දර්ශන දකිනවා වගේ හැගීමක්. 

ඔයා කාමරයක ඉන්නවනම් ඔයා sleeping paralyse වෙනකොට ඔයාට කාමරයෙන් එලියේ දෙයක් බලන්න පුලුවන් වීමක්.

අහම්බෙන් හරි වෙලා තියෙනවනම් ඔයා හිතන්න ඔයා ටිකක් අනිත් අයට වඩා විශේෂ කෙනෙක් කියලා..

හරි මේ sleeping paralyse කියන සංසිද්ධිය විද්‍යාත්මකව නම් පහදලා තියෙන්නෙ මේ විදියට. 


අපි හරියටම මැෂින් එකක් වගේ.. 

හරියට පරිගණකයක් shutdown කරනවා වගේ තමයි අපිට නින්ද යන්නේ..

ඒ කියන්නෙ මේක සිද්ධවෙන්නෙ අදියර වශයෙන් මුලින්ම ඔයාට නිදි මත ආවම ඔයා ඇස් පියාගන්නවා.. 

ඉතින් එතකොට මොලය සංඤා කරනවා ඔයාගේ සියළුම ඉන්ද්‍රියන් වලට ඔයා නිදාගන්න යන්නෙ කියලා...

ඉතින් මේ වෙලාවේදි ඔයාගේ සියළුම ප්‍රාථමික ක්‍රියාවන් ඒ කියන්නේ ඇවිදීම කතා කිරීම අත්සෙලවීම කියන කිසිම ක්‍රියාවක් මොලය විසින් සිදු කරන්නේ නෑ..

ඒවා ක්‍රියා විරහිත කරලා දානවා. ඉතින් මෙහම උන අවස්තාවෙදිම ඔයා paralyse    වෙනවා...

අපි හැමොම. නිදාගන්නවා කියන්නේ තාවකාලිකව paralyse වෙනවා කියන එකට...

ඉතින් ශරිරය paralyse උන ගමන් සාමාන්‍ය විදියට ඔයාගේ මොලයට ඒ පනිවිඩය යන්න ඕනේ ඊට පස්සෙ ඔයාගෙ මොලයත් නින්ද්‍රාවට ලක් වෙන්න ඕනේ..

මේ සිදුවීම කාල පරතරයක් ඇතුළත සිදු උනත් සාමන්‍ය නින්දක් හිමි වෙන කෙනෙක්ට ඒ වෙනස තේරුම් ගන්න බෑ..

ඒත් sleeping  paralyse වෙන අයට මේ වෙනස දැනෙන්න ගන්නවා ඒ කියන්නෙ ඔයාගේ ශරීරය නින්ද්‍රාවට ලක් වෙලා තිඹුනත් ඔයාගේ මොලය තවම ඇහැරලා...

ඉතින් ඔයාගේ ශරිරය ඔයාගේ පාලනයෙන් තොරයි කියලා ඔයාට දැනුන ගමන් තමයි ඔයා බය වෙන්න ගන්නෙ. මේක සමහර විට තත්ත්පර දෙක තුනක කාලයක් උනත් මනසට ඒක දැනෙනවා සමහර විට පැයක කාලයක් වගේ...

ඉතින් හොදටම බය වෙලයි ඔයා ඇහැරෙන්නෙ ඊට පස්සෙ...

මේකේන් ඔයා ගොඩක් බය වෙනවනම් මේක වලක්ව ගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ paralyse වෙනවා කියන එක දැනුන ගමන් ඔයාගේ කකුලේ මහපට ඇගිල්ල සොලවන්න උත්සහ කරන එක..

ඔයාට තේරෙවී..

එතකොට ඔයාට ඇහැරෙන්න පුලුවන් කියලා.


P.s:


ඒත් මන් වගේ උන් 🤭 sleeping paralyse එකට adict වෙනවා...❤️😂 ඒක අයේ අයෙම වෙන්න කියලම හිතලා නිදාගන්නවා..

මන් වගේ තව උන් ඇති කියලා හිතනවා...🤭

මේ දවස් වල luzid dreaming වලට හුරු වෙන ගමන්.. 

ඒකත් පට්ට🤭


copied . thanks for sharing with me...