අකීකරු පෙම් කතාවකට පන පොවමි...


මේ සිංදුව ටිකක් පරණයි හැබයි ලඟදි ඇහෙන්න ගත්ත නිසා ටිකක් උනන්දුවෙන් අහලා බැලුවා. එක පාරටම මගෙ හිත " ශා මරුනෙ උබ මේකට මොනා හරි ලියපන් " 


දැන් ඉතින් නොලියත් බෑ. ඒ නිසාම සිංදුව අහනකොට මට යාලුවෙක්ගෙ ආදර කතාවක් මතක් උනා. ඒ නිසා මේ ලියමන මට ඒ කතානුසාරයෙන් ලස්සන කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. 


ටික කාලෙකට කලින් මන් දැක්කා ලස්සන ජෝඩුවක්. ලොකු අඩුපාඩුවක් පේන්නෙත් නෑ. බැලූ බැල්මටනම් පේන්නෙ එතන ලස්සන ආදර කතාවක් .. හැබයි යාලුවන්ගෙන් දැනගත්තා එතන කෙල්ල ගොඩක් වැඩිමල් වගේම මේකත් එක්තරා අසම්මත කතාවක් ...


දැන් එමු සිංදුවට. අකීකරු පෙම කියන්නෙත් අසම්මතේටම තමයි .ඉතින් කාංචනා ගෙ කටහඩෙන් ඇහෙන මේ සිංදුව තාමත් අහලා නැතිනම් වැඩක් නෑ වගේ . ඒ තරම් ලස්සනයි. ඒ සිංදුවට පුලුවන් අකීකරු පෙම් හැඟීම් තියෙන මිනිස්සු අඩවන්න.


සීත හිම මත වතාවක්

නිම වුණා පෙම් කතාවක්

අරුත සඟවා ඔහේ ලියැවුණු

අකීකරු පෙම් කතාවක් 


එක වතාවක් සීතල හිම උඩදි පෙම් කතාවක් නිම වුනා  . සීතල හිම මෙතනට යොදාගන්නෙ අස්තීර බව පෙන්නන්න. මොකද කොයි වෙලේ දියවෙයිද කියන්න හිම වත් නොදන්න නිසා. ගොඩක් අසම්මත ප්‍රේම කතා ලියවෙන්නෙ අරුතක් නැතුව. ඉතින් මෙතනදි ඒක පෙන්නන්න උත්සාහයක් අරන් තියෙන බවයි මට පේන්නෙ.


නින්ද නැති මැදියම පුරා

හැඬූවත් දෙතැනට වෙලා

නොදැන සිටියා නොවෙයි නුඹ මා

දිනක් එන බව වෙන් වනා


අසම්මතය කියන්නෙම දුකක්. මං මුලින් කීව අත්දැකීම් කතාව දිහා බැලුවාමත් මට ඒක පෙනිලා තියෙන දෙයක්. නිතර සැකය කියන දේ තියෙනවා. රෑ ඇහැරන් කල්පනා කරනවා මොනාද අපි කරන්නෙ කියලා. වෙලාවකට කෙනෙක් නිදි නැතුව බර කල්පනාවක. නැතිනම් දෙන්නා දෙපැත්තට වෙලා අඩනවා . හැබයි ඒ දෙන්නම දන්නවා කවදාම හරි දවසක දෙන්නට වෙන් වෙන්නත් වෙනවාය කියලා. මේක කියවන ඔබටත් සමහර විට අසම්මත පෙමක අමිහිරි බව දැනිලා ඇති. 


අතීතය මා ළඟ තියා

හිතේ තරහක් නෑ කියා

ළඟින් ළඟ එන වසන්තය වෙත

යන්න හිම කවුළුව වසා


ඉතින් මේ කවදාම හරි දාලා යන්න වෙන ආදරයට මෙතනදි ගැහැනු පාර්ශවයෙන් මෙන්න මෙහෙම දෙයක් කියනවා.

" කවදාකවත් හිතේ තරහක් නෑහයි කියලා මගෙ අතීතය පමණක් ඉතුරු කරලා මගෙන් යන්න.. හැබයි හිම කවුලුව වහලා දාලා ඔයාගෙ වසන්තය ට යන්න "


නැති වෙන බව දැනගෙන තවත් දෙන්නා රවට්ටගන්න එක තේරුමක් නෑ කියලා හිතුන බවක් මේ පද කීපයෙන් කියවෙනවා. 

මේ සිංදුවෙ මන් ආසම කොටස තියෙන්නෙ අවසානේ. ඒ තමයි වසන්තය හොයන් යන්න කියන කොටස.

මෙතනදි  ගැහැනු කෙනා කියනව මේ තරුණ පිරිමියට

 - ඔයාට තව කෙනෙක් හොයාගන්න පුලුවන් යන්න (වසන්තය වෙත) . හැබයි යනකොට මේ අස්තීර වෙන ඔයාගෙ සිතුවිලි සේරම ආයෙ නොයෙන්නම අරන් යන්න . (හිම කවුලු වසන්න) 

. මෙතනදි යොදාගත්ත තනුවේ අලංකාරය එක්කම පොඩි නැවුම් හැඟීමක් අවසාන පදේට එකතු වෙලා තියෙනවා ඔයාලටම අහන්න පුලුවන්.


කාංචනා අරුනෝදී ගෙ කටහඬයි මේකටම ගැලපෙන සංගීතයයි නොහිටින්න මේක හදවතට දැනුණා අඩුවෙන්න තිබුනා. ස්තූතියි ඒ රචනයට..


පසුවදන


ලස්සන කතාවක් වෙන්න පුලුවන්. නමුත් අසම්මතය කියන්නෙ දුකක්. එක්කෙනෙක් තමන්ගෙ ප්‍රේමයට පිටුපාලා කරන්නක් වෙන්න පුලුවන්. නොදැන කරන වරදක් වෙන්නත් පුලුවන්. හැබයි , ඒ ආදරයෙදි තේරෙන්නෙ නෑ තමන් කරන්නෙ වැරැද්දක් කියලා. 🙂 ඒක තමයි ආදරය ; අන්ධයි.


ඉතින් , සම්මත හෝ අසම්මත දෙකම ප්‍රේමයයි කියනවාට වඩා ; සම්මතයට ගරු කරලා හොඳ ආදර කතාවක් වෙන්න.


පන්හිඳ නුහුරු කලාකරු 

 • කසුන් ඉසුර ෴