මහ හයියෙන් වහින විටක 

අතින් අත පටලා

 පිනි බිඳු ගී ගයන  හැන්දැවක

 පහස විඳගන්නට සොඳුරිය නුබ ගාව 

අවසර ඇත්ද මට 


දහසක් තතු දෙහදකට එක් කරන්නට 

නුපුරුදු හීතලට හෙමිහිට පුරුදු වෙන්නට 

හිමි හිමියට තවත් ලං වෙන්නට 

අයිතියක් ඇතිද මා හට


වරු ගණනක කතාවකට පසු

සුන්දර සමු ගැනීමකට

යලි හමුවෙන බලාපොරොත්තුවකට

එයිද ඔබටත් මටත්

සුන්දර රැයක් නැවතත්

දකීද මෙවන් හීනයක් මමත් ඔබත්


ඔබට මා ........ 


නුහුරු පන්හිඳේ සොඳුරු කෝඩුකාරයා  *kasun isuru