බලන්න සොඳුර 


කාලය නම් කොපමණ ආලයට වෛර කරනවදැයි කියා...

තප්පරයකින් එක කතාවක් අවසන් කරන්නත් දෙවරක් නොසිතයි.


බලන්න  සොඳුර


තාලය නම් කොපමණ විශ්මය ජනකයිද කියා

පද පෙලක් රසවත් කරන්නත් සමත්


බලන්න සොඳුර 


ආලය නම් කොපමණ මිහිරිද කියා

ජීවිතයකට එලිය ගේන්නටම සමත්


පන්හිඳ නුහුරු කලාකරු

• kasun isuru