තනිකඩයා වූ කලී අසාමාන්‍ය හැකියාවක් ඇති නමුදු ලෝකයෙන් සැඟව සිටීමට වෙර දරන්නෙකි.



ගොඩක් වෙලාවට සමහරු කතා කරන්නෙ  කපල් වෙච්ච අය ගැන , කසාඳ බැදලා සතුටෙන් ඉන්න අය ගැන.. ඒත් ලෝකයේ තවත් පිරිසක් ඉන්නවා . එයාලා ගැන වැඩි කතාවකුත් නෑ ; එයාලත් වැඩි කතාවක් නෑ.. ඇත්තටම ඒ අය කව්ද.. මේ article එක එයාලා වෙනුවෙන්... 


මන් මේ ලගකදි දැක්කා photos වගයක් . ඒ ටික මන් පල්ලෙහයින් දාලා ඇති. ඉතින් ඒ ටික බලනකොට මුලින්ම පේන්නෙ කට්ටියක් සතුටෙන් ඉන්නවා , දෙන්නෙක් ලං වෙලා ආදරය කරනවා ;

  හැබැයි දැක්කද තවත් කෙනෙක් තනියම ඉන්නවා 😖 


• ගොඩක් වෙලාවට මේකට තමයි depression ඒම නැත්තන් මානසික අව පීඩනය කියලා කියන්නෙ මේකට ... හැබැයි මේකට බලපාන තවත් හේතු තියෙනවා .


මෙහෙම වෙන්න හේතු මොනවා වෙන්න ඇත්ද  

අනික් අයට වඩා පහත් යැයි සිතීම , යම් දෙයකින් දරුණු පරාජයක් අත් කර ගැනීම , අනතුරකට පත්වීම වැනි කාරණා නිසා පුද්ගලයෙක් අන් අයගෙන් තරමක් වෙන්ව සිටින්නට උත්සාහා ගන්නවා. මෙතනදි ගොඩක් වෙලාවට ඒ අය තමන් ගැන හිතන්නෙ ඍණාත්මක ව . ඒ වගේම කෑම කෑවත් නිදා ගත්තත් ෆිල්ම් බැලුවත් ඒ හැමදේම කරන්නෙ තමන්ට්ස් උවමනාවකින් නෙවෙයි.


ගොඩක් වෙලාවට මේක හොද කරන්න පුලුවන් ලෙඩක්. 🙂 


•  රෝග ලක්ෂණ


මේකෙ රෝග ලක්ෂණ ගැන කියද්දි පොඩීම තැන ඉදන් ලොකූම තැනට එනකම් කතා කරන්න තියෙනවා .ඒ නිසා කියන්න තියෙන්නෙ මේකෙ මුලින් තියෙන ලක්ෂණ නම් එදිනෙදා අපිටත් තියෙනවා වෙන්න පුලුවන්.


1.  තමන් ට තමන් ගැන දුකක් වේදනාවක් දැනීම

2. කරන කිසි දේක සතුටක් නැති වීම . 

3. එදිනෙදා වැඩපල එපා වීමට පටන් ගැනීම

4. ආහාර අරුචිය

5. ශක්තියේ ඇතිවන හීනමානතා

6. අරමුණක් නැතිව වේගයෙන් වැඩ කිරීමට පටන් ගැනීම

7. තමන් තමන්ටම වැරදි කරගන්නෙකු මෙන් දැනීම

8. සිතුමනාපෙට වැඩ කිරීමට පටන් ගැනීම

9. සියදිවි නසා ගැනීම 

😶😶😶 


 ගොඩක් වෙලාවට පැය ගානක් නිදි මැරීම ද මෙම රෝගයේ ලක්ෂණයක් වෙනවා.. 😕


වැඩිපුරම මේක තියෙන්නෙ කාටද 


• සෑම වැඩිහිටියන් 150 දෙනෙකුගෙන් 9 දෙනෙකු මෙම මානසික අවපීඩන තත්වයෙන් පෙලෙනවා

• තවද ඕනෑම පුද්ගලයෙක් තම ජීවිත කාලය තුල එක් වතාවක් හෝ කීප වතාවක් ඕනෑම වයසකදී මෙම රෝගයට ගොදුරු වෙනවා

• මෙහිදී ලමුන්ගෙන් 10% ක් පමණ මෙම රෝගය සමඟ ජීවත් වෙනවා 

• අවධානය යොමු කල යුතු ප්‍රධාන කාරණය නම් මෙයට වැඩි වශයෙන් ගොඳුරු වන්නෙ කාන්තාවන් වීමයි. 😬 

• කාන්තාවක් තම ජීවිත කාලයේ වයස අවුරුදු 16 - 22 අතර කාලය තුල මෙවෙනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා 


මෙවෙනි අය සමඟ හැසිරිය යුත්තේ කෙසේද  


මම උදාහරණ ලෙස දැක්වූ ඡායරූප දෙස බලන විට පවා පෙනී යන්නෙ ඔවුන් සමාජයෙන් කොන් වී සිටීමක් . නමුත් මෙවෙනි පුද්ගලයන් තනි නොකිරීම නිතර කතා බහා කිරීම  ගොඩක් වෙලාවට ජීවිතයක් බේරුවා හා සමාන වෙනවා 🙂♥️



සමහර විට උඩින් කියලා තියෙන එකත් එක්ක ගැලපෙන්නෙ නෑ වගේ ඇති. ඒත් මෙහෙම හැංගෙන අයත් සාමාන්‍ය අය වගේම විශේෂ හැකියාවන් තියෙන අය වෙන්න පුලුවන් ...  😍 


ඔයාලගෙ අදහස් පහලින් කියාගෙන යමු .මට ඒක ඉස්සරහට ගොඩක් වැදගත් වෙන්න පුලුවන් ❤️ 


පන්හිඳ නුහුරු කලාකරු

●kasun isuru෴

more from wiki









English  


 who is single, has an extraordinary ability but tries to hide from the world.



 Most of the time some people talk about couples, people who are happy to be married .. but there are others in the world.  Not much talk about them;  They don't talk much either .. Who are they really .. This article is for them ...


 I saw some photos recently.  I have put those below.  So at first glance it seems that some people are happy, two people are close and in love;

   But I saw someone else alone


 This is often called depression or depression ... but there are other reasons for this.


 What could be the reasons for this?

 A person tries to be a bit different from others because he thinks he is inferior to others, because he is defeated by something, because he is in danger.  They often think negatively of themselves here.  Also, eating, sleeping, and watching movies are not all done out of curiosity.


 Most of the time this is a disease that can be cured.  🙂


 Symptoms


 We have to talk about the symptoms from the smallest to the largest .So if we have the initial symptoms, we may have them on a daily basis.


 1. Feeling sorry for oneself

 2. Loss of pleasure in doing anything.

 3. Beginning to get bored in the workplace on a daily basis

 4. Anorexia

 5. Deficiencies in energy

 6. Start working fast without a purpose

 7. Feeling guilty about yourself

 8. Begin to work at will

 9. Suicide

 😶😶😶


  Often sleeping for hours is also a symptom of this disease ..


 Who has this the most?


 9 out of every 150 adults suffer from depression

 And any person gets infected at least once or several times in their life at any age

 About 10% of children here live with this disease

 The main point to note is that women are more likely to be victims of this.  😬

 • A woman shows these symptoms between the ages of 16 and 22 in her lifetime


 How to deal with such people


 Even when I look at the photos I gave as examples, it seems that they are isolated from society.  But not being alone with such people and talking too often is often like saving a life.



 Maybe it doesn't match the one above.  But those who hide like this can be ordinary people as well as people with special abilities ...


 Let's put your comments below .It's very important to me


 Stranger unfamiliar artist

 ●Kasun isuru෴


depression , about depression , depression symptom , how to deal with depression