අවසන් සටන : සනුක වික්‍රමසිංහ *මනුරංග විජේසේකර 
  


හන්තාන දන්නැති බොහෝ පෙම් කතා සරසවි බිම මත කඳුලින්ම තෙත් වෙලා යන්න ඇති ...

 ඒ රිදුන හිත් අදටත් කොතැනක හෝ සිට මහවෙලි ඉවුර ලඟ

මිහිදන් කල ඒ බිඳුණු ආදරය 

රහසින්,

කඳුලෙන් ,

සැරසෙනවා ඇති...



වර්තමානයේ ඇතැම් ගී සමඟ සැසදීමටවත් නොහැකී තරම් අනර්ඝ නිර්මාණයක් වූ මෙය මනුරංග විජේසේකරයන් අතින් ලියවුනු තවත් එක් අපූර්ව ගීයකි ..

සනුක වික්‍රමසිංහ සුසංයෝගයෙන් ගැයෙන ගීයේ සාහිත්‍ය රසය උපරිමයෙන් ශ්‍රාවකයාට ලබාදී ඇත.


"අවසන් වරට කල පෙම් සටන ලඟ මා පැරදුනේ.. අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් උනේ

සරසවි උයන තනී වූ දිනෙක මා එහි තනි උනේ .. 

විදි පෙම් සුවද මහවැලි ඉවුර ලග මිහිදන් කලේ"


සරසවියේ අවසන් වර්ශයේ ඇරඹි ආදර කතාවක් ශෝකානුකූලව අවසන් උන ආකරය ගීතයේ දක්නට ඇත. සරසවි ජීවිතය අවසන් වනවාත් සමගම ආදර කතාවත් අවසන් ඌ බව ගීතයේ කියවේ..

විශ්වවිද්‍යාල අත්දැකීම් ලද්දෙකු පවසන ලද්දේ එවන් ආදර කතා (කොකු) දහසක් සරසවිය තුල ඇති බවයි ..


නමුත් ගීතය සමස්ත ආදරවන්තයන් අරබයා ලියා ඇත .. මා සිතන අන්දමට බොරුවෙන් රවටන පිරිමියා ගෙන් පෙළෙන තරුණ ස්ත්‍රීය පිළිබඳව මෙයින් ගෙන දක්වයී...



ගීයේ පරිදි එක් ආදරවන්තයෙක් තම සැබෑ ආදරවන්තිය සිටියදී රාගී සිතින් තවත් කෙනෙකු සමඟ ආලයක් ඇති කර ගනී.. එය සියැසින් දුටු තම සැබෑ පෙම්වතිය තමාටම දඩුවම් කර ගනී..


 ඒ කෙසේද? 

පිරිමියා තරුණිය ගේ හිසකෙයට ඉමහත් ලැද්දෙකි 

.. පිරිමියා ගේ ක්‍රියාව දැනගන්නා තරුණිය තම හිසකෙය මුලුමනින්ම කපා දමා ගනී.. එහි ගැඹුරු අර්තයක් ගැබ් කර ඇත ...' ඔබ මට ආදරය කල හේතුව වූ මේ හිස කෙස් උබ නැති මට පලක් නැත...'


"වරහන් නොමැති ආදර ගීය නුබ ගැයුවේ බැඳී.."

 

වරහන් නොමති ආදර ගීත්‍ය යන්නෙන් අදහස් කරනුයේ ස්ත්‍රීයක් තුල වූ සීමා මායිම් නොවූ ආදරයයී.. එයට කල වංචාව කොපමණ දැයී දැනුන තරුණයා පවසන්නේ " නුඹ කල පෙමට මා දුන් දුකම දැන් මා විඳවමී " යන්නයී...


ගීය මා හට සමීප වන්නේද මෙම වදන් පෙලින් වීම නිසාම එහි ගීතයේ ලයාන්විත බාවය  මා හට සමීප අත්දැකීමක් ලබා දෙන්නක් විය.


ගීය අවසානයේ ඇසෙන තවත් එක් කොටසක් මෙසේ ය.


"මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳී .. සංවර සසර ලඟ මා නිරය මැව් බව මා දනී..

පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී.. තව මල් පිපෙන තුරු ලඟ උන්න කාලය වැරදුනී."


මල්වර නැකත වැරදී ඉපදෙනවා යනු මල්වරයේදී බලන නැකත නොගැලපෙන එකක් වීමයී.. එමගින් තරුණියක් නොමඟ යන බවට සිංහල විශ්වාසයයී.. 


මඟදී හමුවූ රාගී සිත් ඇත්තිය හැදින්වීමට මෙම කොටස යොදා ගෙන ඇත. එමෙන්ම සංවර සසරක් යනුවෙන් සැබෑ පෙම්වතිය හදුන්වයී.. ඇයගේ දිවිය පූජසනයක් සේ සලකා ඇයටම එරෙහිව ඇයව අපායක් කල ඔහුට අවසානයේ වැටහී යන්නේ 

'තව මල් පිපෙන තුරු ලඟ උන්න කාලය වැරදුනී' 


එනම් රාග සුවය විදීමට ඉඩ පහස එන තෙක් තව කල් බලා නොසිට වෙනකෙකු වෙත ගියේ වැරඳීමකින් බවයී... මෙහිදී තව මල් පිපෙන කාලය යනු , තරුණියගේ සිත රාගයට බරවන කාලරාමුවයී... එය නිශ්චිත යැයි පවසන කාලයක් නොවූවත් මෙම තරුණියගේ පිරිසිදු සිත තුල එවන් අදහසක් ජනිත නොවී තිබෙන්නට ඇත.. එය නොඉවසූ තරුණයා කල වරද වැටහෙන විට කාලය ගතවී හමාරය...


ගීතය තුල තවත් යමක් සිතීමට තිබුනත් .. රංගන දායකත්වය දෙස බලන විට තවත් වෙනස් ම සාහිත්‍ය රූපයක් මවා පායී.. 



මෙම සටහනෙන් අදහසක් ගෙන you tube ඔස්සෙ එයද නරබන්න ... එවිට සැගවුන බොහෝ දේ දැක ගත හැක...


වීඩියෝ ව පිලිබද වෙනම සටහනකින් බලාපොරොත්තු වන්න....


® පන්හිද නුහුරු කලාකරු. 

 °  කසුන් ඉසුරු...

english 

Final battle: Sanuka Wickramasinghe * Manuranga Wijesekera

Many love stories that Hanthana does not know must have been wet with tears on the university floor ...Those hurt hearts are still somewhere near the banks of the Mahaweli That broken love that was buried

Secretly,

With tears,

Probably getting ready ...

This is another wonderful song written by Manuranga Wijesekera which is a masterpiece that cannot even be compared to some songs today.

The lyrical taste of the song sung in harmony with Sanuka Wickramasinghe has been given to the listener to the maximum.


"I lost my last love fight. The last year's love affair with me ended

One day I was alone in the university garden ..

The scent of street love was buried near the banks of the Mahaweli "


The song shows how a love story that started in the last year of university ended tragically. The song says that the love story ends with the end of university life.

A university expert said that there are thousands of such love stories (hooks) in the university.

But the song is written for all lovers .. I think this is about a young woman who suffers from a man who cheats on her ...

According to the song, when one lover is his true lover, he falls in love with another with a ragi heart. When he sees it, his real girlfriend punishes himself.

 How is that?

The man is very fond of the girl's hair

.. The girl who knows the man's action cuts off her hair completely .. It has a deep meaning ... 'I do not care if you do not have this hair that you loved me for ...


"You sang the love song without brackets."

The unconditional love song means the boundless love in a woman.

The lyrics of the song are very close to me and the melody of the song gives me a close experience.

Here is another part heard at the end of the song.


"Malwara astrology was wrong and I joined her .. I know that I created hell near Sanwara Sasara ..I saw it as an altar and turned against you. The time was near until more flowers bloomed. "


The miscarriage of menstruation means that the astrology seen during menstruation is not compatible. The Sinhalese believe that it misleads a girl.

This section is used to describe the rags to riches encountered along the way. Also, the real girlfriend is called Sanwara Sasarak. He considers her life as a sacrifice and goes to hell with her.


'The time to wait until more flowers bloom is wrong'


That is to say, it was a mistake to go to someone else without waiting for the opportunity to heal the raga. Probably .. Time passed when the young man who did not tolerate it realized his mistake ...

There is something else to think about in the song .. Looking at Rangana's contribution creates a different literary image ..

Take an idea from this post and watch it on you tube too ... then you can see many hidden things ...

Stay tuned for a separate post about the video ....


  • He is also an unfamiliar artist.

                                               Kasun Isuru ...


awasan satana song meaning , awasan warata song meaning , sanuka song meaning ,  manuranga wijesekara songs meaning , awasan warata kala pem song