JAN 15

හෙමීට හිත එක තැනක නතර වෙද්දි

තාලෙට වැනෙන ඒ ඇස් පිල්ලම්

මාව පිස්සෙක් නොකර ඇරන් ගියා වෙන ලෝකෙකට.

" ඔව් ඔයා කිව්වා හරි ,

 නලල එකට ලං උනාම අපි ඉන්නෙ කොහෙද කියලා අපිවත් දන්නෙ නෑ.. "

ඉතිං...

ඉතිං මන් ආදරෙයි

ඔය ඇස් දෙක දිහා බලාන හිටපු ඒ පොඩිම පොඩි වෙලාවට. ඒත් පැයක් ලමයෝ. ඔයාට හිතන්නවත් පුලුවන් ද එච්චර වෙලා අපි හිටියා කීවම. 

ඉතිං හිතුවෙ නැති ගොඩක් දේවල් වචන විදිහට පිටවෙලා ගියා. ඒ වචන ලස්සනයි. ඒ වචන ටිකට මන් ආදරෙයි.

ඉතිං ඔයා ගැනම කියවුණ තප්පර තුන්දාස් හයසීයක්. පරිස්සමෙන් ඔය ඇස් නැලවුණ වාර දෙසිය පනස් දෙකක්. ඔයාගෙ වචන අසූ අටකට මගේ වචන හාරසිය හතලිස් හතරක්...


මනුස්සයෙකුට බෑ එච්චර දෙයක් ගණන් කරලා තියාගන්න ...


ආදරෙයි මගෙ ලමයො 💛